Home special සෝල් නුවර හැලොවින් සැමරුමේදී මියගිය 151 අතර ව්දේශිකයන් 19ක්

සෝල් නුවර හැලොවින් සැමරුමේදී මියගිය 151 අතර ව්දේශිකයන් 19ක්

0
සෝල් නුවර හැලොවින් සැමරුමේදී මියගිය 151 අතර ව්දේශිකයන් 19ක්

දකුණු කොරියාවේ සෝල් නුවර පැවැති හැලොවින් සැමරීමේ උත්සවයේ දී මිය ගිය ගණන 151ක් බව එරට යොහැප් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි. එසේ මිය ගිය අය අතර විදේශිකයන් 19 දෙනෙකු සිටින බව හඳුනාගෙන ඇතැයි අදාළ වාර් තාවේ සඳහන් වේ.

යොංග්සන් හි ගිනි නිවන හමුදාවේ ප්‍රධානී චොයි සොන්ග් බියොම් මහතා සඳහන් කර ඇත්තේ සෙනසුරාදා රාත්‍රි සිදුවීමේන් මිය ගිය අය අතර ඉරාන, උස්බෙකිස්ථාන, චීන හා නෝර් වේ ජාතිකයන් සිටින බවයි.

එසේ වුවද දකුණු කොරියානු වාර් තා අනුව ඊට එක්වූ ශ්‍රී ලාංකිකයෝ සිටී ද යන්න මෙතෙක් නිල වශයෙන් වාර් තා වී නොමැත. මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 76කි.

ජනප්‍රිය තරු ඉටැවොන් මත්පැන් අවනහල් ප්‍රදේශයට පැමිණ සිටින බවට ලද තොරතුරක් අනුව එදෙසට විශාල පිරිසක් එකවර ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here