Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජී7 කණ්ඩායමේ සහය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජී7 කණ්ඩායමේ සහය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජී7 කණ්ඩායමේ සහය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා සහය ලබාදීමට ජී7 කණ්ඩායම් රටවල් තීරණය කර තිබේ.

ජී7 කණ්ඩායම් සභාපතිත්වය දරන ජර්මනියේ මෙරට පිහිටි තානාපති කාර්‍යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර ඇත.

මෙම සාකච්ඡාවට ජී7 කණ්ඩායමේ රටවල මෙරට තානාපතිවරුන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට නියෝජිතයන්ද සහබාගී වී ඇත.

ඒ අනුව ජී7 කණ්ඩායමේ මෙරට සිටින සාමාජිකයන් එහිදී එකඟතාවකට පැමිණ ඇත්තේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ඉන්දියාව, චීනය ඇතුළු ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට ය.

මෙම සාකච්ඡාව සාර්ථකව පැවති බව මෙරට ජර්මානු තානාපති පවසයි.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට කාලෝචිත විසඳුමක් සඳහා ජර්මනිය කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ණයහිමියන් සහ පැරිස් සමාජය සමග එක්ව මෙම සාකච්ඡාව ඉක්මනින්ම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඔවුහු අවධාරණය කරති.

ජී7 කණ්ඩායම (G7) යනු කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයෙන් සමන්විත අන්තර්-රාජ්‍ය දේශපාලන සංසදයකි.

මීට අමතරව, යුරෝපා සංගමය එහි ගණනය නොකළ සාමාජිකයෙකු වේ.

ජී7 සාමාජිකයන් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිටින ලොව විශාලතම, දියුණු ආර්ථිකයන් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here