Home උණුසුම් පුවත් හිතවතුන්ට හිතුමතේ උසස්වීම්- වැටුප් වර්ධක දුන්නැයි රජයේ ආයතනයක ලොක්කෙකුට චෝදනා

හිතවතුන්ට හිතුමතේ උසස්වීම්- වැටුප් වර්ධක දුන්නැයි රජයේ ආයතනයක ලොක්කෙකුට චෝදනා

හිතවතුන්ට හිතුමතේ උසස්වීම්- වැටුප් වර්ධක දුන්නැයි රජයේ ආයතනයක ලොක්කෙකුට චෝදනා

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් හිතවත් පිරිසකට උසස් වීම හා වැටුප් වර්ධක ලබා දීමට පියවර ගෙන ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසකට අයථා ලෙස මෙම පත්වීම් පිරිනමා තිබෙන අතර ඇතැම් නිලධාරීන්ට එම තනතුරු දැරීමට අධ්‍යාපන සුදුසුකම් නොමැති බව පැවසේ.

තවත් පිරිසකට හිතුමතේ වැටුප් වර්ධක ලබා දීමට කටයුතු කර තිබෙන බව ද ඒ සියල්ලම සියල්ලම බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කිරීමක් බවද එහි සේවකයෝ සඳහන් කරති.

මෙලෙස අයථා ලෙස උසස්වීම් හා වැටුප් වර්ධක ලබා දීම පිළිබඳව අදාළ අංශ වලට පැමිණිලි කර තිබෙන බවද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරියේ සේවකයෝ සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here