තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාව අයර්ලන්ත තරගය ජයගනී

    ලංකාව අයර්ලන්ත තරගය ජයගනී

    විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 වටයේ අයර් ලන්තයට එරෙහිව අද (23) පැවැති තරගය කඩුළු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    කාසිය වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තේය.

    මහේෂ් තීක්ෂණ හා වනිදු හසරංග කඩුලු 2ක බැගින් ලබාගත්හ. ලකුණු 129ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය‍

    පිට පිට දෙවැනි වතාවටත් සාර්ථක පිතිකරණයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු හතළිස් තුනක දී නොදැවී ලකුණු 68ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. ඔහුට අනගි සහයක් දුන් චරිත් අසලංක කලකට පසු නැවත පිතිකරණයේ ස්ථාවර වෙමින් පන්දු විසි දෙකක දී නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය.

    අයර්ලන්තය 128/8 (20)
    ශ්‍රී ලංකාව 133/1 (15)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img