Home උණුසුම් පුවත් එක්සත් අරාබි එමීර් පරදා ශ්‍රී ලංකාව ජයගනී

එක්සත් අරාබි එමීර් පරදා ශ්‍රී ලංකාව ජයගනී

0
එක්සත් අරාබි එමීර් පරදා ශ්‍රී ලංකාව ජයගනී

එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ අද (18) පැවැති තරගයෙන් ලකුණු 79ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පැතුම් නිශ්ශං, දුෂ්මන්ත චමීර, සහ වනිඳු හසරංග මෙම තරගයේ දී දැක්වූ දස්කම් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් රඳවා තැබීමට හේතු වී ඇත.

නැමීබියාව හමුවේ ලද ලකුණු 55 ක පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය සෘණ 2.75 ක් වශයෙන් සටහන් ව තිබූ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් එම වේගය ධන ලකුණු 0.6 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහ‌රදෙන අවස්ථාවේදී කඩුලු 2 කට ලකුණු 117 ක් වශයෙන් ප්‍රභල තැනක පසුවුවත් එම ලකුණු වේගය රදවා ගැනීමට ඉඩ නොදුන් කාර්තික් මයියප්පන් මෙම තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්ව එයයි.

භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ නායක දසුන් ශානක කාර්තික් මයියප්පන්ගේ කඩුලු ත්‍රිත්වය ලෙස දැවී ගියහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 152 යි – (පැතුම් නිස්සංක 74, කුසල් මෙන්ඩිස් 18, ධනංජය ද සිල්වා 33, සහූර් ඛාන් 26/2, කර්තික් මයියප්පන් 19/3)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පන්දුවාර 17.1 කදී සියලු දෙනා දැවී ලකුණු 73 යි – (ආයන් ඛාන් 19, ශිරග් සූරි 14, ජුනයිද් සිද්දික් 18, දුෂ්මන්ත චමීර 15/3, මහීෂ් තීක්ෂණ 15/2, වනිඳු හසරංග 08/3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here