තවත්
    මුල් පිටුවspecialරුසියාවෙන් යුක්‍රේනයට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්

    රුසියාවෙන් යුක්‍රේනයට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්

    රුසියාව විසින් අද යුක්රේන නගරවලට මාරගෙන කමිකාසේ ඩ්‍රෝන යානාවලින් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

    මෙම ඩ්‍රෝන ප්‍රහාර උදෑසන කාර්යබහුල වේලාවේදී කියෙව් නගරය වෙත එල්ල කර තිබූ අතර එහිදී මහල් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයින් තිදෙනෙකු මරණට පත්ව තිබේ. ඒ අනුව සතියක් තුල කීව් නගරයට එල්ලවූ දෙවන මහා පරිමාන ගුවන් ප්‍රහාර මෙය වන අතර එමගින් නගරයේ යටිතල පහසුකම් වලට දැඩි හානියක් සිදුවිය.

    මධ්‍යම කියෙව් වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීමත් සමඟම ක්‍රියාත්මක වූ යුක්‍රේන හමුදා නිලධාරීන් විසින් ඩ්‍රෝන වෙත ඒ වෙත දැඩි වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    පසුව බටහිර රටවලින් ලබාදුන් ගුවන් ආරක්ෂක පද්ධිති ක්‍රියාත්මක වීමත් සමඟ කීව් නගරය රත් පැහැ ගැන්වී තිබූ බවද නගරයේ වාර්තා කරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි.

    මීට අමතරව තවත් නගර කීපයකටද රුසියාව විසින සිය ඩ්‍රෝන යොදාගෙන ප්‍රහාර එල්ල කළ බවට වාර්තවේ. ප්‍රහාර සම්බන්ධයෙන් රුසියානු පාර්ශව විසින් ප්‍රකාශ කර ඇතතේ යුක්‍රේනයේ හමුදා අණදීමේ මධ්‍යස්ථාන සහ බලශක්ති පද්ධති ඉල්ක්ක කර පහරදීම් සිදු කළ බවත් එම ප්‍රහාර සාර්ථක බවයි.

    මෙම ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් ඩ්‍රෝන ඉරාණයේ නිෂ්පාදිත බවට පැවසෙන අතර එහි පුපුරණ ද්‍රව්‍ය අඩංගු වන අතර එය ඉලක්ක වෙත ගොස් පුපුරා යෑම සිදුවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img