තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අසාද් සාලිත් මිලියන 85ක් තිලිණිට දීලා

    අසාද් සාලිත් මිලියන 85ක් තිලිණිට දීලා

    බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිත් රුපියල් කෝටි අටහාමාරක මුදලක් තිලිණි ප්‍රියමාලිට ලබාදී මුදල් අහිමිකරගෙන ඇත.

    ඒ සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අපරධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට පැමිණ අද පැමිණිල්ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    අසාද් සාලි මහතාගෙන් ඇය මුදල් ලබාගෙන ඒ වෙනුවට චෙක්පතක් ලබාදී ඇති බවත් එම චෙක්පත අගරුවී තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අසාද් සාලි මහතා පවසා ඇත්තේ තමාව ඇයට මුදල් ලබාදෙන ලෙසට පොළඹවන ලද්දේ මෙරට ප්‍රබල චරිත සමග සමීපව ඇසුරුකරන බහුජාතික ආයෝජන සමාගමක ව්‍යාපෘති කළමනාකාරිනිය බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img