Home උණුසුම් පුවත් ගුවන් හමුදා ‘ලෝක ළමා දින සැමරුම’

ගුවන් හමුදා ‘ලෝක ළමා දින සැමරුම’

ගුවන් හමුදා ‘ලෝක ළමා දින සැමරුම’

‘සිහින දකින අපේ ලොවක්’ යන උදෘතය තේමාකර ගනිමින් ලෝක ළමා දිනයට සමගාමිව ‘ලෝක ළමා දින සැමරුම 2022’ වැඩසටහන රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය පරිශ‍්‍රයේ දි පසුගියදා(02) පවත්වා තිබේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මියගේ මගපෙන්විමෙනි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විසින් සංවිධානය කරනු ලැබු ගුවන් රන්දරු සිත්තමි 2022 චිත්‍ර‍ තරගාවළියේ ජයග‍්‍රහනය කරනු ලැබු දුවා දරුවන් වෙත ත්‍යාග හා සහතිකපත් ප‍්‍රධානය කිරිමද මෙහිදි ගුවන් හමුදාපති තුමන් විසින් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්ෂය මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා සේවාවනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here