Home උණුසුම් පුවත් හර්ෂ ඉල්ලා අස්වෙයි – චරිත පත්කරන්නැයි සජිත් ඉල්ලයි

හර්ෂ ඉල්ලා අස්වෙයි – චරිත පත්කරන්නැයි සජිත් ඉල්ලයි

හර්ෂ ඉල්ලා අස්වෙයි – චරිත පත්කරන්නැයි සජිත් ඉල්ලයි

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පත්කරන ලද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබේ.

ඒ විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

එමෙන්ම මෙහිදී විපක්ෂ නායකවරයා විසින් ‍කෝප් කමිටු සභාපති ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාගේ නම ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.

මීට පෙර කෝප් කමිටු සභාපති ධුරය හොබවන ලද්දේ චරිත හේරත් මහතා විසිනි.

මෙවර කෝප් කමිටුවට චරිත හේරත් මහතා නම් කර නොතිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here