Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ පළමු ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ පළමු ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ පළමු ජය වාර්තා කරයි

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 11කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 109ක් රැස් කළේය.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 37ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 19ක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස්කළේය.

පන්දු යැවීමේදී මහිකා ගෞර් සහ වෛෂ්ණවේ මහේෂ් කඩුලු 3 බැගින් දවාගත්හ.

ලකුණු 110ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 4යි අවසානයේ එක් කඩුලක් දැවී ලකුණු 20ක් ලබාගෙන සිටි නමුත් තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here