Home special බ්‍රිතාන්‍යයට එන ශ්‍රමිකයන්ට සහ සිසුන්ට රතු එළියක්

බ්‍රිතාන්‍යයට එන ශ්‍රමිකයන්ට සහ සිසුන්ට රතු එළියක්

බ්‍රිතාන්‍යයට එන ශ්‍රමිකයන්ට සහ සිසුන්ට රතු එළියක්

බ්‍රිතාන්‍යට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සහ එරටට පැමිණ සිටින විදෙස් සිසුන් පිලිබදව එරට නව අභ්‍යන්තර කටයුතු පිළිබඳ සුවෙල්ලා බ්‍රේවර්මන් විසින් දැඩි විවේනාත්මක අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

මේවන විට බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සන් ඉරිද්‍ර පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී ඇය පෙන්වා දී ඇත්තේ මේවන විට බ්‍රිතාන්‍යයට අඩු නිපුණතා සහිත සංක්‍රමණික කම්කරුවන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින බවත් එරටට පැමින ඇති ජාත්‍යන්තර සිසුන්ගෙන් විශාල පිරිසක් සමඟ ඔවුන්ගෙන් යැපෙන්නන්ද බ්‍රිතාන්‍යට රැගෙන ඇති බවත්ය.

‟බ්‍රිතාන්‍යට පැමිණෙණ ගොඩක් අය වැඩ කරන්නේ නැහැ. එහෙමත් නැත්තම් ඔවුන් අඩු නිපුණතා සහිත රැකියාවලයි නිතර වන්නේ, ඔවුන්ගෙන් අපේ ආර්ථිකය නඟා සිටුවීමට දායක වෙන්නේ නැහැ” ඇය වැඩිදුරටත් පවසා තිබේ.

බ්‍රිතාන්‍ය නව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කර ඇත්තේ අග්‍රාමත්‍ය ලිස් ට්‍රස් විසින් 2019 වර්ෂයේ දී මැතිවරණ පොරොන්දුවක් ලෙස බ්‍රිතාන්‍යයෙ ශුද්ධ සංක්‍රමණයන් අඩු කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥා දුන් බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශ කලේ බ්‍රිතාන්‍ය විසින් එරට සංක්‍රමණ ප්‍රතිපත්ති ඉදිරියේදී සමාලෝචනය කිරීමට බලාපොරෝත්තු වන බවයි.

ලිස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය බවට පත්වීමත් සමඟ එරට බදු කපා හැරීමට පියවර ගැනීමත් සමඟ එරට ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්විය. ඇගේ බදු කප්පාදුවෙන් එරට ඇතිව තිබෙන දැඩි උද්ධමන තත්ත්වය පාලනය කිරීමට අපෙක්ෂා කළද එයද ආසර්ථක වී තිබේ.

මේ අතර යුක්‍රේන යුද ගැටුම් සමඟම ගෝලීය බලශක්ති මිල ඉහළ යාම ඉදිරියේදී එළැඹෙන සීත සමයේදී බ්‍රිතාන්‍යට දැඩි බලපෑම් එල්ල කිරීමට හැකියාවක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here