Home උණුසුම් පුවත් ජනපති මන්දිරයේ පුරාවිද්‍යා විමර්ශනය ඉවරයි

ජනපති මන්දිරයේ පුරාවිද්‍යා විමර්ශනය ඉවරයි

ජනපති මන්දිරයේ පුරාවිද්‍යා විමර්ශනය ඉවරයි

අරගලකරුවන්ගේ ග්‍රහණයට ගත් ජනාධිපති මන්දිරය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ විමර්ශනය අවසන් කර තිබේ.

දෙපාර්තමේන්තුව පැවසුවේ, එහි වාර්තාව කඩිනමින් පොලීසියට භාර දෙන බවයි.

විමර්ශනවලදී ජනාධිපති මන්දිර ගොඩනැගිල්ලට මෙන්ම එහි තැන්පත් කර තිබූ පුරා විද්‍යාත්මක ස්මාරක හා චිත්‍රවලට හානි වූයේදැයි සොයාබැලූ බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර අරගලකරුවන්ගේ ග්‍රහනයට පත් අරලියගහ මන්දිරයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට හානි සිදූවූයේද යන්න පිළිබඳ පොලීසියට මේ වනවිට වාර්තා ලබා දී ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඉකුත් ජූලි මස 9 වැනිදා ජනාධිපති මන්දිරය අරගල කරුවන්ගේ ග්‍රහණයට නතුවිය. ඉන් ජනාධිපති මන්දිරයේ තිබූ ඓතිහාසික බඩුභාහිරාදියට විශාල වශයෙන් හානි සිදුව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here