තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැයි 9 දා මැතිඇමති නිවාස ගිනිතබන විට බලන් හිටපු 34කට OICකම්...

    මැයි 9 දා මැතිඇමති නිවාස ගිනිතබන විට බලන් හිටපු 34කට OICකම් නැතිවේ

    මැයි 09 වෙනිදා රටපුරා ඇතිවුණු නොසන්සුන් තත්ත්වයන් පාලනය කරමින් දේපොල හා ජීවිත හානි වලක්වා ගැනීමට නිසි පියවර නොගත් පොලිස් ස්ථානාධිපතිවරු 34 දෙනෙකුගේ ස්ථානාධිපතිධූර මේ වන විට ගලවා ඇත.

    ඒ එම නිලධාරීන්ට ස්ථානමාරු ලබාදෙමින් වෙනත් පොලිස් ස්ථානවල සාමාන්‍ය රාජකාරි සඳහා යොදවමිනි.

    ඊයේ දිනයේද පොලිස් ස්ථානාධිපතිවරු 23 දෙනෙක්ට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබුණි.

    ඉදිරියේදී එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img