Home උණුසුම් පුවත් සාදයකට යමින් සිටි බන්ධනාගාර නියාමකටත් බිරිඳටත් ප්‍රහාරයක් – බිරිය මරුට – නියාමක රෝහලේ

සාදයකට යමින් සිටි බන්ධනාගාර නියාමකටත් බිරිඳටත් ප්‍රහාරයක් – බිරිය මරුට – නියාමක රෝහලේ

0
සාදයකට යමින් සිටි බන්ධනාගාර නියාමකටත්  බිරිඳටත් ප්‍රහාරයක් – බිරිය මරුට – නියාමක රෝහලේ

බන්ධනාගාර නියාමකවරයෙකුගේ බිරියක් සිය මිතුරියකගේ සාදයකට සහභාගි වීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙනෙක් විසින් මන්නා පිහියකින් පහරදී තිබේ.

බොරුපන පාලම අසලදී ඊයේ එල්ලවූ එම ප්‍රහාරයෙන් ගල්කිස්ස බඩෝවිට පදිංචිකාරිියක් වූ ඊ. චතුරානි නැමැති බන්ධනාගාර නියාමකවරයාගේ බිරිඳ මරණයට පත්ව ඇත. එස්.ඩී.සිල්වා නැමැති බන්ධනාගාර නියාමකවරයාද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත්කර තිබේ.

මෙම පහරදීම සිදුවන විට ඒ අවට පදිංචි පිරිසක් විසින් මැදිහත්ව එක් සැකකරුවෙක් අල්ලා බොරලැස්ගමුව පොලීසියට භාරදී ඇත. ඩී.ඒ. ප්‍රියරංග නැමැති ඔහු ගෝනපල කුඹුකවෙල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

මෙම ප්‍රහාරයට හේතුව දෙපාර්ශවවය අතර පවතින ආරවුලක් බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here