තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියානු හමුදාවෙන් යුක්‍රේනය මුදාගත් ලාංකිකයන් සිසුන් නෙවෙයි

    රුසියානු හමුදාවෙන් යුක්‍රේනය මුදාගත් ලාංකිකයන් සිසුන් නෙවෙයි

    යුක්‍රේනය ආක්‍රමණය කළ රුසියානු හමුදා විසින් කාර්කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිට පසුගිය දා යුක්‍රේන ආරක්ෂක අංශ විසින් මුදාගත් ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වෛද්‍ය සිසුන් නොවන බව රජය අද ප්‍රකාශයක් කර තිබේ.

    අද (19) පෙරවරුවේ පැවති මාධ්‍යහමුවක දී අදහස් දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසන්නේ ඔවුන් නීතිවිරෝධි ලෙස යුරෝපය බලා ගමන් කිරීමට උත්සාහ කළ පිරිසක් බවය.

    යුද ගැටුම් ආරම්භයේ දී යුකක්‍රේනයේ සිටි මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටි සියලුම ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    මෙම මුදාගත් ලාංකිකයන්ට රුසියානු හමුදා විසින් හිරිහැර කර තිබූ බවටත්, ආක්‍රමණිකයන්ට ඉංග්‍රීසි කතා කළ නොහැකි නමුත් මුදල් ඉල්ලා තිබූ බවත් යුක්‍රේන මාධ්‍ය වාර්තා කර තිබුණ්.

    ඒ එම ලාංකිකයන් අනාවරණය කළැයි කියමින් එරට ආරක්ෂක බලධාරීන් විසින් කර තිබූ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

    පිරිමි පුද්ගලයන් 6ක් සහ කාන්තාවක් මෙලෙස මුදාගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img