Home උණුසුම් පුවත් ගොවියෙකුව පැහැරගෙන නිදහස් කිරීමට කප්පම් ඉල්ලයි

ගොවියෙකුව පැහැරගෙන නිදහස් කිරීමට කප්පම් ඉල්ලයි

0
ගොවියෙකුව පැහැරගෙන නිදහස් කිරීමට කප්පම්  ඉල්ලයි
closeup rear view of a man with his hands tied behind his back with rope, against a black background

මහනුවර අංකුඹුරේ උඩුකිතුල්ගොල්ලේ පදංචි ගොවියෙකුව පැහැරගෙන ඇති කණ්ඩායමක් ඔහුව නිදහස් කිරීමට රුපියල් දෙලක්ෂ පනස් දහසක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනයකරන බව බිරිඳ විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

එම පැහැර ගැනීම සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

කුමාර ප්‍රේමදාස නැමැති අයෙකු එසේ පැහැරගෙන ගොස් ඇති අතර ඒ ගැන පැමිණිලිකර ඇත්තේ දිල්හාර ජයසූරිය නැමැති බිරිඳ විසිනි.

මේ සම්බන්ධයෙන් අංකුඹුර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් තොරතුරු විමසීමේදී කිසිවක් සඳහන් කළ නොහැකි බව පැවසීය. අඩුම තරමින් එම පුද්ගලයාව මුදාගත්තේදැයිවත් පැවසීමට ඔහු ඉදිරිපත් නොවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here