fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව ණය හිමියන්ට ලබන සිකුරාදා කරන්න යන දේ..

    ශ්‍රී ලංකාව ණය හිමියන්ට ලබන සිකුරාදා කරන්න යන දේ..

    ශ්‍රී ලංකාව විසින් සිය ජාත්‍යන්තර ණය හිමියන් වෙත ලබන සිකුරාදා විශේෂ ඉදිරිපත් කිරීමක් කරනු ඇති බව වාර්තා වේ.

    ඒ මෙරට ආර්ථික අර්බුදයේ සම්පූර්ණ තත්ත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඩොලර් බිලියන ගණනක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීම සඳහා වන සැලසුම ආදියෙහි සවිස්තර ඉදිරිපත් කිරීමකි.

    මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සේවය මිලට ගත් නීතිමය සමාගමක් වන ක්ලිෆර්ඩ් චාන්ස් හරහා මෙරට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සැප්තැම්බර් 23 වන දින අන්තර්ජාල හමුවක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සියලුම බාහිර ණය හිමියන්ට විවෘත හමුවක් පවත්වන බවට පවසා ඇතැයි නික්කෙයි ඒෂියා පුවත් ඒජන්සිය පවසයි.

    එම ඔන්ලයින් හමුව සියලුම බාහිර ණය හිමියන්ට ප්‍රශ්න ඇසීමට හැකියාව ඇති ‘අන්තර්ක්‍රියාකාරී සැසියක්’ ලෙසින් පැවැත්වීමට නියමිත ය.

    ‘ඉතා මෑතකාලීන සාර්ව ආර්ථික වර්ධනයන්, IMF සමඟ එකඟ වූ ප්‍රතිසංස්කරණ පැකේජයේ ප්‍රධාන අරමුණු සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව ඔවුන්ගේ බාහිර ණය හිමියන් යාවත්කාලීන කිරීමට බලධාරීන් අදහස් කරයි,’ සැප්තැම්බර් 17 දිනැති ප්‍රකාශයේ මෙම හමුව පිළිබඳ සඳහන් වේ.

    රටෙහි ණය ගැනීම් කෙතරම් සංකීර්ණද යත්, මුළු වටිනාකම ඩොලර් බිලියන 85 සිට ඩොලර් බිලියන 100 දක්වා පරාසයක පවතින බව එම පුවත වාර්තා කර තිබේ.

    සමහර විට සියල්ලටම වඩා අභියෝගාත්මක වනු ඇත්තේ, තරඟකාරී කලාපීය බලවතුන් වන චීනය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය අඩු කරන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු පදනමක් සොයා ගැනීම බව ද එහි සඳහන් ය.

    දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම විධිමත් කළහොත් වසර හතරක් තුළ ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් රටට ලබාදෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික ගනුදෙනුවකට එළඹීමට ජනපති රනිල් වික්‍රමසිංහ සමත්ව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.