තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රැජිණගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරවය

    රැජිණගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරවය

    බ්‍රිතාන්‍ය රජ පවුලේ වැඩිම කාලයක් කිරුළ දැරූ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට, අද රාත්‍රි 7.35ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්විය.

    මෙම අවස්ථාවට ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද, එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද එක්ව සිටියහ.

    දෙවන එළිසබෙත් මහ රැජිනගේ දේහය මේ වනවිට වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැනැපත් කර ඇති අතර අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙමින් සිටී.

    රාජ්‍ය නායකයින් රැසක් ඇතුළු විදේශීය සම්භාවනීය අමුත්තන් දෙදහසකට වැඩි පිරිසකට අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සදහා මේ වනවිට ලන්ඩනයට පැමිණ සිටී.

    දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය රාජකීය සම්ප්‍රදායන්ට අනුව වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී හෙට (19) පැවැත්වීමට නියමිතයි.

    විදෙස් රාජ්‍ය නායකයින් වෙනුවෙන් තුන්වන චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් බකිංහැම් මාළිගයේදී නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට සූදානම් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img