තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාවරලේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පිහිනුම් තටාකේ මරණය ඝාතනයක්!

    මාවරලේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පිහිනුම් තටාකේ මරණය ඝාතනයක්!

    දෙවුන්දර දේවාලයේ නිලමේවරයාගේ සහෝදරයගෙ මාවරලේ පිහිටි නිවසේ සිදුව ඇති සැකකටයුතු මරණයක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පොලිසිය ආරම්භ කර තිබේ.

    පොලිසිය සැකකරනුයේ එම මරණය ඝාතනයක් විය හැකි බවයි.

    නිවස ඉදිරිපිට ගෙවත්තේ ඉදිවෙමින් ඇති පිහිනුම් තටාකය තුල එම මරණය සිදුව තිබේ. පොලිසිය පවසන්නේ මියගොස් ඇත්තේ නිවසේ මෙහෙකරු බවය. එම මෙහෙකරු මාවරලේ පදිංචිකරුවෙකි.

    පිහිනුම් තටාකයට වැටී ඔහු මියගොස් ඇති ආකාරයක් නිරූපණය වන ආකාරයට මළ සිරුර තිබුනත් එය අසාමාන්‍ය බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඒ අනුව පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය නිලධාරීන් කළ සෝදිසියේදී නිවසේ තිබී සැකකටයුතු ලේ පැල්ලම් කිහිපයක් ද හමුවී ඇත.

    නිලමේවරයාගේ සහෝදරයා ව්‍යාපාරිකයෙක් බව පොලිසිය කියයි. ඔහුට අයත් බව කියන ගවයින්දෙදෙනෙක් සොරා ගැනීමත් සම්බන්ධයෙන් මිය ගොස් සිටින සේවකයා කෙරෙහි සැකයක් ඇති වී තිබුණු බවද සඳහන්ය.

    සේවකයාගේ මරණය හා එම සිදුවීම අතර යම් සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img