Home උණුසුම් පුවත් ‍නෙළුම් කු‍ළුණ අද සිට ජනතාවට විවෘතයි

‍නෙළුම් කු‍ළුණ අද සිට ජනතාවට විවෘතයි

‍නෙළුම් කු‍ළුණ අද සිට ජනතාවට විවෘතයි

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන නෙළුම් කු‍ළුණ අද (15) සිට ජනතාවට විවෘත වේ.

ඒ අනුව සතියේ සෑම දිනකම පස්වරු 2.00 සිට රාත්‍රි 10.00 දක්වා නෙළුම් කුලුන විවෘතව තැබෙනු ඇත.

සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල දහවල් 12.00 සිට රාත්‍රි 10.00 දක්වා නැරඹීමට අවස්ථාව සලසා තිබේ.

පාසල් දරුවන් සඳහා පෙරවරු 9.00 සිට දහවල් 2.00 දක්වා කාලය තුළ නෙළුම් කුලුන නැරඹීමට කාලය වෙන් කර ඇත. පාසල් දරුවකුගෙන් රුපියල් 200ක මුදලක් පමණක් අය කිරීමට නියමිතයි.

දේශිය පුද්ගලයන්ට රුපියල් 500 සහ 2000 ප්‍රවේශපත්‍ර වෙන්කර ඇති අතර විදේශිකයෙකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර් 20කි.

රුපියල් 2000ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනැම අයෙකුට පෝලිම්වල රැදි නොසිට නෙළුම් කුළුන පරිශ්‍රයට ඇතුළුවීමේ හැකියාව සහ අවස්ථා කිහිපයකදී වුවද කුළුණේ ඉහළට යාමට හැකියාව පවතී.

රුපියල් 500ක ප්‍රවේශපත්‍රයක් ලබා ගන්නා අයෙකුට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණයි.

මේ අනුව අද සිට ජාත්‍යන්තර මට්ටමේ උත්සව, ප්‍රසංග සහ ප්‍රදර්ශන මෙහිදී සංවිධාන කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here