Home උණුසුම් පුවත් කැලණිය පට්ටියහංදියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

කැලණිය පට්ටියහංදියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

0
කැලණිය පට්ටියහංදියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

කැලණිය පට්ටිය හංදියේ සිදූවු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇත.

එම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි එම පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ අද රාත්‍රී කාලයේදීය.

වෙඩි වැදී බිම වැටී සිටි එම පුද්ගලයාව ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ. ඒ රැගෙන යන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.

වෙඩි වැදී ඝාතනයට ලක්ව සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here