Home උණුසුම් පුවත් විහාරාධිපති හිමි අභිරහස් ලෙස ඝාතනය කරලා – ගෝල හිමිනම අතුරුදන්

විහාරාධිපති හිමි අභිරහස් ලෙස ඝාතනය කරලා – ගෝල හිමිනම අතුරුදන්

0
විහාරාධිපති හිමි අභිරහස් ලෙස ඝාතනය කරලා – ගෝල හිමිනම අතුරුදන්

සීදූව වෑත්තෑව රත්දොළුවේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති මැදගමුවේ මහානාම හිමියන්ව විහාරස්ථානයේ ආවාස ගෙය තුළදී ගෙල සිරකර ඝාතනය කර තිබියදී පොලීසියට අද සවස හමුවී තිබේ.

විහාරස්ථානය දෙසින් දුඟදක් හැමීම හේතුවෙන් ඒ ගැන ගම්වාසීන් පොලීසියට පැවසීමෙන් පසු පොලිස් කණ්ඩායමක් පැමිණ කළ පරීක්ෂා කිරීමකදී ආවාසගෙයි

ඇදක් මත තිබී උන්වහන්සේගේ දේහය තිබී හමුවී ඇත. ඒ වන විටත් සිවුරකින් උන්වහන්සේගේ ගෙල සිරකර තිබී ඇති අතර දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සැකකරයි.

මෙම ඝාතනයත් සමඟ විහාරස්ථානයේ වැඩ සිටි 18 වියැති ගෝල හිමිනම අතුරුදන්ව ඇත.

උන්වහන්සේ ඊයේ සවස් කාලයේත් විහාරස්ථානයේ රැදී සිට ඇති බවට තොරතුරු පොලීසියට ලැබී ඇත.

විහාරාධිපති හිමියන් සහ ගෝල හිමියන් අතර ගැටුම් නිතරම තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිද ලැබී තිබී ඇත.

පළාගොස් සිටින ගෝල හිමියන්ව සොයා පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

මෙම ඝාතනයේ අභිරහස විසදීමට උන්වහන්සේ සොයා ගැනීමෙන් පසු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය සැකකරයි.

පොලීසිය සැකකරන්නේ ගෝල හිමියන් විසින් විහාරාධිපති ඝාතනයකර පළාගොස් ඇති බවය.

photo – File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here