Home උණුසුම් පුවත් ක්‍රිකට් – දැල්පන්දු ආසියානු ශූරයන් පිළිගන්න මඟ දෙපසට මහ සෙනඟක්..

ක්‍රිකට් – දැල්පන්දු ආසියානු ශූරයන් පිළිගන්න මඟ දෙපසට මහ සෙනඟක්..

ක්‍රිකට් – දැල්පන්දු ආසියානු ශූරයන් පිළිගන්න මඟ දෙපසට මහ සෙනඟක්..

එකම දිනක් තුළදී එකම රටක්, ක්‍රීඩාව තුළ ආසියානු ශූරයන් බවට පත්වෙමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඉහළට ඔසවා තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම් රැගත් ජය සැමරුම් රථ පෙළපාලිය කටුනායක ‍ගුවන් තොටුපළේ සිට කොළඹ දක්වා ජය ඝෝෂා මධ්‍යයේ ගමන් කරමින් තිබේ.

ඔවුන් වෙත සුබ පැතුම් එක් කිරීම සඳහා මාර්ගය දෙපසට ලොකු කුඩා විශාල ජනතාවක් පැමිණ සිටින බව දැකගන්නට තිබේ.

ඔවුන් අතරමඟ දී වරින් වර සිය ක්‍රිඩාලෝලීන්‍ වෙත සමරු සටහන් තබනු ද දක්නට හැකිය.

පෙරේදා දිනයේ (11) ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද අලුයම වනවිට දිවයිනට පැමිණ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here