Home උණුසුම් පුවත් ආසියාවේ ශූරයෝ මව්බිමට එද්දී පිළිගන්න පෙළගැසෙන්න

ආසියාවේ ශූරයෝ මව්බිමට එද්දී පිළිගන්න පෙළගැසෙන්න

ආසියාවේ ශූරයෝ මව්බිමට එද්දී පිළිගන්න පෙළගැසෙන්න

ආසියාවේ විශිෂ්ටතම දැල්පන්දු සහ ක්‍රිකට් කණ්ඩායම් ලෙස ඊයේ දිනයේ ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සිය කුසලානද රැගෙන අද රාත්‍රියේ සහ හෙට උදෑසන මව්බිම වෙත පැමිණීමට නියමිතව තිබේ.

2022 ආසියානු දැල්පන්දු ශූරතාවලියට හිමිකම් කී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (12) රාත්‍රී 11.50ට දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

එමෙන්ම 2022 ආසියානු කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හෙට (13) අලුයම 4.30ට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.


update:

මේ අතර ක්‍රිකට් සහ නෙට්බෝල් ආසියානු ශූරයින් හෙට පෙරවරු 6.30ට කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ දක්වා ජය සැමරුම් පෙළපාලියකින් රැගෙන එන බැවින් ඔවුන් පිළිගැනීමට වීදි දිගේ පෙළගැසෙන්නැයි ජනාධිපති මාධ්‍ය ඒකකය මහජනතාවට ආරාධනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here