Home උණුසුම් පුවත් විදෙස්ගත ශ්‍රමිකයෝ හරි පාරෙන් සල්ලි එවති – ප්‍රේෂණ 16%කින් ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයෝ හරි පාරෙන් සල්ලි එවති – ප්‍රේෂණ 16%කින් ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයෝ හරි පාරෙන් සල්ලි එවති – ප්‍රේෂණ 16%කින් ඉහළට

මේ වසරේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය සියයට 16.4කින් ඉහළ ගොස් ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

මේ වසරේදී විදේශ රැකියා සඳහා පිටත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බවත් හෙතෙම කීය.

ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 279 ක් වූ විදේශගත ශ්‍රමික ප්‍රේශණ ප්‍රමාණය අගොස්තු මාසය වන විට ඩොලර් මිලියන 325 ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙලෙස මුදල් එවා ඇති සෑම විදේශ ගත ශ්‍රමිකයෙක්ටම සිය ස්තුතිය පුද කරන බවද, මේ අවස්ථාවේදී සියලුම ශ්‍රී ලාංකිකයින්ට විදේශ ගත ශ්‍රමිකයින්ගේ සහාය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීමේ ඉලක්කයක් පැවති අතර එම ඉලක්කය තුන් ලක්ෂ තිස් දහස දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here