තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිඳු වරප්‍රසාදයක් නෑ

    අලුත් රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිඳු වරප්‍රසාදයක් නෑ

    නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    “දැනට අමාත්‍යවරු 20 දෙනයි පත්කරල තියෙන්නේ. ඒ ප්‍රමාණයත් එක්ක ආයතන පවත්වාගෙන යාමට අපහසුයි. උදාහරණයක් විදියට ගත්තොත් මගේම තියෙනවා ආයතන 35ක් මට තනියම ඒ වැඩ කරන්න අමාරුයි. ඒත් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළාම ඔවුන්ට ඒ ආයතන බලන්න කියල පවරල දෙන්න පුලුවන්. එතකොට ඒ ආයතන වල තත්වය ඉහලට ගන්න පුලුවන්. ඒක නිසා තමයි අද අලුතින් රාජ්‍ය ඇමතිවරුන් පත් කළේ. ඔවුන් සියලු දෙනා වැඩ කරන්නේ මන්ත්‍රී වැටුපට ඒ නිසා ඔවුන් රජයට ලොකු බරක් වෙන්නේ නැහැ. හැබැයි පසුගිය ආණ්ඩුව කාලේ ඇමතිවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 88 දෙනකු සිටියා. මෙම 88 දෙනාටම අමාත්‍යවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද ලබා දුන්නා. ඊටත් අමතරව අධීක්ෂණ මන්ත්‍රීවරු කියල කණ්ඩායමකුත් පත් කරගෙන එම තනතුරේ කටයුතු කරන්න මාසෙකට ලක්ෂ 6ක වගේ මුදලකුත් දුන්නා. මේ සියල්ල ඔවුන්ට දුන්නෙ මන්ත්‍රී වරප්‍රසාදවලට අමතරවයි. ”

    අද (8) කොළඹදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img