තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එලිසබෙත් මහරැජින විශේෂ වෛද්‍ය අධීක්ෂණයකට

    එලිසබෙත් මහරැජින විශේෂ වෛද්‍ය අධීක්ෂණයකට

    බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් සිය දැඩි අවධානය යොමුකිරීමත් සමඟ ඇයව විශේෂ වෛද්‍ය අධීක්ෂණයකට යොමුකර ඇති බව බකින්හැම් මාලිගය සඳහන් කරයි.

    මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බකින්හැම් මාලිගය විසින් අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව එලිසබෙත් මහ රැජින මේවන විට ස්කොට්ලන්තයෙන් බැල්මොරල් මාලිගයේ සුව පහසුව සිටින බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත.

    මේවන විට 96 හැවරිදි වියේ පසුවන මහ රැජින බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් කිරීටය දැරෑ රාජ්‍ය වංශිකයා වේ. වෛද්‍යවරුන්ගේ මෙම නිර්දේශයත් සමඟම රජ පවුලේ සාමාජිකයින් වහාම ස්කොට්ලන්තය වෙත ගොස් ඇති අතර මේවන විට කේට් කුමරිය හැර අන් සියලු දෙනාම පාහේ රැජින සිටින මාලිගය වෙත් පැමිණ ඇති බව වාර්තාවේ.

    කේට් කුමරිය සිය දරුවන්ගේ නව පාසලේ පළමු අධ්‍යනය දිනය හේතුවෙන් මෙලෙස තවමත් ස්කොට්ලන්තය වෙත නොගොස් ඇති බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මහ රැජිනව ඉකුත් දා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමත්‍යවරිය හමුවීමට පැමිණි අවස්ථාවේදී රැජින හැරමිටියක් ආධාරයෙන් සිටගෙන සිටින අයුරු දැක ගැනීමටද හැකිවිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img