
පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ‘ජාතික සභාව’ පිහිටුවීම සඳහා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07 ) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවට පැමිණ තිබේ.
මෙම ජාතික සභාව රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම අරමුණු කරගනිමින් පිහිටුවනු ලැබේ.
ඒ එකඟතාව අනුව, කතානායකවරයා, ජාතික සභාවේ මූලාසනය ද දරනු ලබයි.
අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්වේ.
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්ෂ නියෝජනය වන පරිදි, නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයන්ද ඇතුළු ‘ජාතික සභාවේ’ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 37ක්.
ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය ඇති වී තිබේ.