Home උණුසුම් පුවත් අයිස්වලට නීති තාම නෑ – තරුණ පරම්පරාව විනාශයි

අයිස්වලට නීති තාම නෑ – තරුණ පරම්පරාව විනාශයි

0
අයිස්වලට නීති තාම නෑ – තරුණ පරම්පරාව විනාශයි

කෘතිම මත්ද්‍රව්‍යක් වන අයිස් නැමැති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති මෙතෙක් සකස්කර ඒවා බලාත්මක කර නොමැති බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ වන විට නිදහසේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය බෙදා හරිමින් පාසල් සිසුන් සහ තරුණ පරපුර බිලි ගනිමින් සිටින බව පොලිස් තොරතුරු සඳහන් කරයි. ්‍

අයිස් නැමැති මත්ද්‍රව්‍ය සඳහන් වන්නේ ලෝකයේ මේ වන විට ඇති භායානකම මත්ද්‍රව්‍යයක් ලෙසිනි. එහෙත් මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ රටේ ඇත්තේ ලිහිල් නීති බැවින් කිලෝ සිය ගානක් සමඟ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්තද ඇප ලැබෙන බවත් දඩුවම් පවා ඉතා ලිහිල් බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශන සහ වැටලීම් වල නිරත පොලිස් නිලධාරීන් රැසක්ම සඳහන් කළහ.

හෙරොයින් ග්‍රෑම් 02කටත් මරණීය දණ්ඩනය නියම වන ලෙස නීති ක්‍රියාත්මකව තිබියදී අයිස් සම්බන්ධයෙන් වූ නීතිය කෙටුම්පත්කර ඇතත් 2015 වසරේ සිට බලාත්මක කිරීමට කිසිදු බලධාරියෙක් උනන්දුවක් නොදක්වන බවද එම නිලධාරීහු පැවසූහ.

මේ වන විට රටේ නොසිතන තරාතිරම්වල සිටින පුද්ගලයින් පවා අයිස් භාවිතයට ඇබ්බැහි වී සිටින බවත් ඒ අය අතර කලා කරුවෝ සෞඛ්‍ය අංශයේ සාමාජිකයෝ, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයෝ, දේශපාලනඡයෝ වැනි සමාජයේ තලවල අය සිටින බවද එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.

අයිස් නැමැති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වන්නේ මනෝවර්ථික මාධවක ඹෟෂධ පනතිනි. ගංජා සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වන්නේ මෙම පනතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here