Home උණුසුම් පුවත් ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියේ පෙරමුණට

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියේ පෙරමුණට

0
ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියේ පෙරමුණට

ඉන්දියානු කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ පෙරමුණ ගැනීමට අද (06) දින සමත්විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය. පන්දු 41කදී අගනා ලකුණු 72 ක් ලබා ගැනීමට නායක රෝහිත් ෂර්මා සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5 ක දී කඩුලු 4ක් දැවී නියමිත ඉලක්කය පසුකර යාමට සමත්විය.

පැතුම් නිශ්ශංක සමඟ සාර්ථක ආරම්භයක් දුන් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට වාර්තාගත ආරම්භයක් ලබා දුන්හ. පැතුම් නිශ්ශංක 52, කුසල් මෙන්ඩිස් 57 යි.

ඉන්දියාව 173/8 (20.0) ශ්‍රී ලංකාව 174/4 (19.5)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here