Home උණුසුම් පුවත් විමල්ගේ නායකත්වයෙන් ‘උත්තර ලංකා සභාගය’ එළිදකී

විමල්ගේ නායකත්වයෙන් ‘උත්තර ලංකා සභාගය’ එළිදකී

0
විමල්ගේ නායකත්වයෙන් ‘උත්තර ලංකා සභාගය’ එළිදකී

උත්තර ලංකා සභාගය (Supreme Lanka Coalition) එළිදැක්වේ.

මහරගම තරුණ සේවා සභාවේදී මේ වනවිට අතිවිශාල ජනගඟගකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දේශපාලන සමුළුවේදී මෙය එළිදැක්විණ.

එහි අනුශාසකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි‍යෝ දරන අතර, සභාපතිත්වය දරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ය.

නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරුන් තේරී පත්ව ඇත.

එහි ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා ද නියෝජ්‍ය ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ද පත්ව ඇත.

ජාතික සංවිධායක ලෙස පත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here