Home උණුසුම් පුවත් පිටරටක හිටියත් මෙහේ අයට ගෑස් අරන්දෙන්න පුළුවන් ක්‍රමයක්

පිටරටක හිටියත් මෙහේ අයට ගෑස් අරන්දෙන්න පුළුවන් ක්‍රමයක්

පිටරටක හිටියත් මෙහේ අයට ගෑස් අරන්දෙන්න පුළුවන් ක්‍රමයක්

වෙනත් රටක සිටින පුද්ගලයෙකුට, ශ්‍රී ලංකාවේ සිටින අයෙක් සඳහා ඩොලර් ගෙවා ගෑස් සිලින්ඩර මිලට ගැනීමට හැකි ක්‍රමයක් හඳුන්වා දීමට ලිට්‍රෝ සමාගම සූදානම් වෙයි.

එම සමාගම පවසන්නේ ලබන සතියේ මෙම ක්‍රමය හඳුන්වා දෙන බවයි.

මේ අතර හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 100ත් 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෙවුණු මාස 2ක තුළ ලිට්‍රෝ සමාගම සැලකිය යුතු ලාභයක් උත්පාදනය කර තිබේ.

ඒ අනුව ගෙවුණු අගෝස්තු මාසයේ පමණක් ලිට්‍රෝ සමාගමේ ලාභය රුපියල් මිලියන 700කට අධික වන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here