fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලන පක්ෂ හා සංවිධාන රැසක් උත්තර සභාගයට එක්වීමේ සාකච්ඡා අරඹයි

    දේශපාලන පක්ෂ හා සංවිධාන රැසක් උත්තර සභාගයට එක්වීමේ සාකච්ඡා අරඹයි

    ස්වාධීන පක්ෂ එකමුතුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ අද (04) සවස පිහිටුවනු ලබන උත්තර සභාවට එක්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හා සංවිධාන රැසක් මේ වනවිට අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කොට තිබේ.

    රට හමුවේ පවතින බරපතල අර්බුදයන් කල් තබා ජනතාව දැනුවත් කිරීම හා ප්‍රශ්න වෙනුවට උත්තර සපයන දේශපාලන ක්‍රියාදාමයක අනාගත විශ්වාසය පදනම් කරගනිමින් මෙම සාකච්ඡා ආරම්භ වී ඇත.

    පක්ෂ හා සංවිධාන අභ්‍යන්තර මට්ටමෙන් ආරම්භ කර ඇති මෙම සාකච්ඡා අද දින උත්තර සභාගය පිහිටුවීමෙන් අනතුරුව එහි ප්‍රතිපත්ති අනුව යමින් සාකච්ඡා ප්‍රවේශයකට යොමු කිරීමට අදහස් කර තිබේ.

    ඒ අනුව අද පැවැත්වෙන උත්තර සභාගය ආරම්භක අවස්ථාවට ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන්ට
    අමතරව සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරමින් විශාල පිරිසක් එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    සියලුම ආගම් නියෝජනනය කරමින් පූජකරු, දේශපාලන පක්ෂ නියෝජිතයන්,වෘත්තිකයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස් ඊට අයත්වනු ඇති බව ද සඳහන්ය.

    “ නව සභාගය එන්නේ ප්‍රශ්න වවාගෙන කන්න නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න තොරොම්බල් කරමින් ජීවත් වෙන්න නොවෙයි. ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන, උත්තර සභාගයක් තමයි අපි ගොඩනගන්නේ. අපි විශ්වාස කරනවා, ඒ උත්තර සභාගය මේ මහා ආර්ථික අර්බුදයේ ගිලී සිටින මේ රටේ සියලු ජනීජනයාටත්, මේ රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සඵල කරන උත්තර සභාගයක් බවට පත් වේව්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පිහිටුවන උත්තර සභාගය සම්බන්ධයෙන් මෙයට පෙර සඳහන් කර තිබිණි.

    සහන් රතනසේකර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. We need to develop the country all traditional political parties do not have a phylosophy . We hope that the new party will have a national phylosophy and good stratergy towards the development of the country we need to change all methods politicl parties have to get new ideas and methods to develop the country from experienced deplomats we wish the new political party be successful

    ඔබේ අදහස් දක්වන්න.