Home උණුසුම් පුවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

0
ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ අද පැවති සුපිරි වටයේ තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වි.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේය. රහුමුල්ලා ගුබ්‍රරාස් ගේ ප්‍රවේගකාරී පිතිහරඹය මෙහිදී කැපී පෙනුණු අතර පන්දු 45 කදී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 84කි. ඊට 6 පහරවල් හයක් සහ 4 පහරවල් හතරක් අන්තර්ගත විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.01 කදී කඩුලු 6ක් දැවී නියමිත ඉලක්කයට ළගා විය.

කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක පිත්තෙන් දස්කම් දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here