Home උණුසුම් පුවත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස් කෙරේ

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස් කෙරේ

0
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස් කෙරේ

හිටපු අමාත්‍යවරයෙක් වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු පුද්ගලයින් 16 දෙනෙක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර 14ක් පුරාවට රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ගම්පහ පොලිස් අධිකාරී ලක්ෂමන් කුරේ සහ හිටපු එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් වන සෙල්වරාජා තිරුබාතරන් හෙවත් මොරිල් යන දෙදෙනාව ගම්පහ මහාධිකරණය විසින් අද නිදොස් කොට නිදහස්කර ඇත.

ඒ එම ඝාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

2008 වසරේ අප්‍රේල් 06 වෙනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා අතුළු 16 දෙනෙකු ඝාතනය විය. එහිදී තවත් පුද්ලයින් 84 දෙනෙක් තුවාල කරමින් ඝාතනය කිරීමට තැත්තකර තිබුණි.

මෙම ඝාතනයන් සම්බන්ධයෙන් එවකට ගම්පහ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටි ලක්ෂමන් කුරේ සහ එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නිලධාරියෙකුව අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම ඝාතනයන් සහ ඝාතනයට තැත් කිරීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධි චෝදනා 31ක් ගොනුකර තිබුණි. අද ගම්පහ මහාධිකරණය විසින් ඔවුන් දෙදෙනාව නිදොස්කොට නිදහස් කරනුයේ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here