තවත්
    මුල් පිටුවspecialරුසියාව යලිත් යුරෝපයට ගෑස් සැපයීම නවත්වයි

    රුසියාව යලිත් යුරෝපයට ගෑස් සැපයීම නවත්වයි

    රුසියාව විසින් යුරෝපයට ගෑස් සැපයීම සිදුකරන ප්‍රධාන නල පද්ධතිය සම්පූරණයෙන්ම වසා දමා ඇති බවට බටහිර මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව රුසියාවේ සිට යුරෝපයට ගෑස් සපයනු ලබන නෝඩ් ස්ට්‍රීම් නල පද්ධතිය වසා දැමීමට රුසියාව පියවරගෙන තිබේ. හදිසි නඩත්තු කටයුතුත්තකට මෙලෙස අදාල නල පද්ධති වසා දැමිම සිදු කළ බවද රුසියාව සඳහන් කර ඇත.

    රුසියානු රජය පවසා ඇත්තේ මෙම නල මාර්ගයේ ගෑස් සැපයීම සීමා කිරීම් ඉදිරි දින තුන සඳහා පවතිනු ඇති බවයි.

    යුක්‍රේන යුද ගැටුම් ඇතිවීමත් සමඟ රුසියාවට යුරෝපා රටවල් අර්ථික සම්බාධක පැනවීමත් සමග යුරෝපයට ගෑස් සැපයීම සීමා කිරීමට රුසියාව පියවරගෙන තිබිණි. මේ අතර ඉකුත් ජූලි මාසයේදී දී රුසියාව විසින් දින දහයක කාලයකට නෝඩ් ස්ට්‍රීම් නල පද්ධතිය අලුත් වැඩියාවක් බවට පවසමින් වසා දැමීම සිදුකර තිබිණි.

    එසේම රුසියාව විසින් තාක්ෂණික දෝෂ පවතින බවට පවසමින් සිය ගෑස් සැපයීම සිියයට විස්සක ධාරිතාවකින් පවත්වාගෙන යනු ලැබීය.

    රුසියාව විසින් යුරෝපයට කරනු ලබන ගෑස් සැපයීම සීමා කිරීමත් සමඟම ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර එය කළාපය තුල උද්ධමන තත්ත්වයක් ඇති කිරීමටද හේතු වී තිබේ.
    නෝඩ් ස්ට්‍රීම් නල පද්ධතිය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් අසල රුසියානු වෙරළ තීරයේ සිට ඊසානදිග ජර්මනිය දක්වා බෝල්ටික් මුහුද යට කිලෝමීටර් 1,200 (සැතපුම් 745) විහිදේ.

    ඒ අනුව මෙම නල පද්ධතියට යුරෝපා කළාපයට දැඩි බලපෑමක් එල්ල කළ හැකියාවක් පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img