මුල් පිටුව තෙවැනි ඇස ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙයින් උඩුගුවන සිසාරා…

ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙයින් උඩුගුවන සිසාරා…

0

ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය හෙට(01) තම 71 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලබයි.

ගුවන් නියමුවන් රාශියක් මෙන්ම ගුවන් නියමු උපදේශකවරුන් රාශියක් ලක්මවට දායාද කළ ‘ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය’ ලෙස ද ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය හැදින්වෙයි.

වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද ඊට ඇතුළත් ය.

1951 සැප්තැම්බර් මස 01 වන දින ප්‍රථම පියාසර පුහුණු පාසල ලෙස එවකට කටුනායක රාජකීය ලංකා ගුවන් හමුදා කදවුරේ ස්ථාපිත කරන ලදී.

මෙම පක්ෂාංගයේ ප්‍රථම අණදෙන නිළධාරී තුමන් ලෙස රාජකීය ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ට්න්ට් නොර්මන් ලූෂ් කටයුතු කළ අතර වර්ථමාන අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් සම්පත් මල්ලවආරච්චි කටයුතු කරයි.

මෙම පක්ෂාංගය මගින් මුලික ගුවන් ගමනාගමන පාලන පාඨමාලා, පියාසර උපදේශක පාඨමාලා ඇතුළු පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරනු ලඛයි.

පියාසර පුහුණු ආයතනයකින් අපේක්ෂා කරනු ලබන සියළු ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරනු ලබන ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය වර්තමානය වන විට දක්ෂ ගුවන් නියමුවන් 350 කට අධික පිරිසක් ලක්මවට දායාද කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version