Home උණුසුම් පුවත් කෝටි 15ක අයිස් මත්ද්‍රව්‍ය ගෙනයමින් සිටි දෙන්නෙක් කොටුවෙයි

කෝටි 15ක අයිස් මත්ද්‍රව්‍ය ගෙනයමින් සිටි දෙන්නෙක් කොටුවෙයි

0
කෝටි 15ක අයිස් මත්ද්‍රව්‍ය ගෙනයමින් සිටි දෙන්නෙක් කොටුවෙයි

මන්නාරම යුද හමුදා මාර්ග බාධාකය හරහා අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ 10.4ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද (31) උදෑසන යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උදෑසන 06.15ට පමණ මන්නාරම යුද හමුදා මාර්ග බාධකය හරහා තලෙයිමන්නාරම සිට වන්කලෙයි දක්වා කැබ් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4ක් ප්‍රවාහනය කරමින් සිටිය දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුහු වයස අවුරුදු 32 සහ 36 වයස් වල පසුවෙති.  යුද හමුදා මන්නාරම මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි 54 වන පාබල සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ 11 වන කාලතුවක්කු හමුදා සෙබළුන් විසින් සැකකරුවන් ගමන් කරමින් සිටි කැබ් රථය පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 15 පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, කැබ් රථය සහ සැකකරුවන් ‍යුද හමුදාව විසින් මන්නාරම පොලිසිය වෙත බාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here