තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොරෙච්චෝලේ යළි වැඩ

    නොරෙච්චෝලේ යළි වැඩ

    නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව තිබූ විදුලි ජනන යන්ත්‍රය ඊයේ (26) රාත්‍රියේ නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    2022 අගෝස්තු 15 වැනිදා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජෙනරේටරයක බිඳවැටීමක් සිදුව ඇති බව නිවේදනය කළේය.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ජනන යන්ත්‍ර තුනකින් සමන්විත වන අතර එක් එක් විදුලි බලාගාරයෙන් මෙගාවොට් 300ක් ජනනය වන අතර එමඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක නිමැවුමක් ලැබේ.

    නිපදවන ලද විදුලියෙන් කොටසක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙහෙයුම් සඳහා යොදා ගත් අතර එක් ජනන යන්ත්‍රයකින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ හැකි වන්න් මෙගාවොට් 270ක විදුලි බලයක් පමණි.

    පළමු ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වූ විට, දෙවැනි ජනන යන්ත්‍රය අත්‍යාවශ්‍ය නඩත්තුව සඳහා ඒ වන විටත් සේවයෙන් ඉවත්ව තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img