තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නත කොපි කළැයි මොඩර්නා සමාගම ෆයිසර්ට නඩු පවරයි

    කොවිඩ් එන්නත කොපි කළැයි මොඩර්නා සමාගම ෆයිසර්ට නඩු පවරයි

    ෆයිසර් සමාගම විසින් සිය කොරෝනා මර්ධන එන්නත නීෂ්පාදනය කිරීමේදී පේටන්ට් නීති උල්ලංඝය කරමින් තම තාක්ෂණය වංචනිකව යොදාගෙන ඇති බවට චෝදනා කරමින් මොඩර්නා සමාගම විසින් ඇමරිකානු අධිකරණයක නඩුවක් පවරනු ලැබ තිබේ.

    ඒ අනුව කොරෝනා වසංගතයට පෙර තමන් විසින් වැඩිදියුණු කළ සහ පේටන්ට් බලපත්‍ර ලබාගත් mRNA තාක්‍ෂණය ඉතා සූක්ෂම සහ වංචනිකව ෆයිසර් සමාගම සහ ඔවුන් සමඟ කටයුතු කළ ජර්මනියේ බයෝටෙක් සමාගම යොදාගත් බවටද මොඩර්නා සමාගම චෝදනා කරයි.

    “කොරොනා වසංගතයට පෙර දශකය පමණ පෙර සිට අපි පුරෝගාමීව, ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරමින් නිර්මානය කළ සහ පේටන්ට් බලපත්‍ර ලබාගත් නව mRNA තාක්‍ෂණ ආරක්ෂා කිරීමට අපි මෙම නඩු ගොනු කරනවා” යනුවෙන් මොඩර්නා ප්‍රධාන විධායක ස්ටෙෆාන් බැන්සල් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

    කෙසේවෙතත් මෙම නඩු පැවරීම මගින් ‍ලොවපුරා සිදුකෙරෙන කොරෝනා මර්දන එන්නත් කිරීම් අඩපණ කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවද මොඩර්නා සමාගම අවධාරණය කර ඇත.

    ‍මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත්සේවය කළ විමකදී ෆයිසර් සමාගමේ ප්‍රකාශිකාව සඳහන් කර ඇත්තේ අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් සමාගම විසින් තවමත් සමාලෝචනයක් කර නොමැති බවයි.

    ”කොරෝනා මර්දන එන්නත බයෝටෙක් සමාගම හිමිකාරිත්වය දරණ mRNA තාක්‍ෂණය මත පදනම් ව නිපදවූ අතර මෙම නඩු පැවරීම සම්බන්ධයෙන් අපි පුදුමයට පත්ව සිටිනවා.” යනුවෙන්ද ප්‍රකාශිකාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img