තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන්ජන්ට දේශපාලනය කරන්න බෑ!

    රන්ජන්ට දේශපාලනය කරන්න බෑ!

    අද දින කොන්දේසි සහිතව සමාව ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය, ප්‍රවීන කලාකරු රන්ජන් රාමනායක මහතාට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ බාධාවක් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව්වක් කර තිබේ.

    ඒ, රාමනායක මහතාට සමාව දී ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේ බැවින් එය හුදෙක් ඔහුගේ දඬුවම ලිහිල් කිරීමක් පමණක් වන බව පවසමිනි.

    විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) යටතේ ඔහුගේ ප්‍රජා සහ දේශපාලන අයිතිවාසිකම් සමඟ පූර්ණ සමාවක් මෙමගින් රාමනායක මහතාට ලැබී නොමැති බවට තමාට දැනගන්නට ලැබීමෙන් තමා කළකිරීමට පත්වූ බවයි.

    “මෙයින් අදහස් කරන්නේ ඔහු දේශපාලන තනතුරු දැරීමට නුසුදුසු බවයි. ඒ ගැන සම්පූර්ණයෙන්ම කලකිරුණා!” යැයි විපක්ෂ නායකවරයා සිය සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ කර ඇත.

    2021 ජනවාරි 12 වැනි දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිතව සිරදඬුවම් නියම කරන ලද්දේ අධිකරණය අපහාස කිරීමේ චෝදනාවට ය.

    පහත දැක්වෙන්නේ අද දින නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් රන්ජන් රාමනායක මහතා පිටතට පැමිණි අවස්ථාව NewsWave.lk කැමරාවට හසුව තිබූ අයුරුයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img