තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"උද්ඝෝෂණවලින් සිස්ටම් චේන්ජ් කරන්න බෑ"

    “උද්ඝෝෂණවලින් සිස්ටම් චේන්ජ් කරන්න බෑ”

    උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘතිවලින්  සිස්ටම් චේන්ජ් (ක්‍රමයේ වෙනසක් ඇති කිරීම) කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ප්‍රතිපල නොමැති බොරු ‘සිස්ටම් චේන්ජ්වලින්’ (ක්‍රමයේ  වෙනසක්) ඵලක් නැතැයි  පැවැසූ අමාත්‍යවරයා සිස්ටම් චේන්ජ්  කළ හැක්කේ තරුණ පරම්පරාව දේශපාලනික ,ආර්ථික හා සමාජයීය වශයෙන් සන්නද්ධ කිරීමෙන් පමණක් බවද සඳහන් කළේය.

    අර්ථයක් නැති සිස්ටම් චේන්ජ්වලට යොමු වනවාට වඩා යථාර්ථය දකින සැබෑ සිස්ටම් චේන්ජ්  එකක් වෙනුවෙන් පෙනී සිටින ලෙස  ඩිප්ලෝමාධාරීන් ගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    වරාය අධිකාරියේ මෙතෙක් පැවති සාම්ප්‍රදායික සිස්ටම් එක තමා අමාත්‍යවරයා ලෙස පත් වූ පසු  චේන්ජ්  කළ බවත් වරායේ තනතුරු වලට  තමා කිසිවිටකත්    ඥාතීන් හෝ  දේශපාලන හිතවතුන් පත් නොකළ බවත් ඔහු සඳහන් කළේය.

    තමා වරාය අධිකාරියට පත් කළේ ඒ ඒ ‍ක්‍ෂේත්‍රවල වෘත්තීය නිපුණයින් බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img