fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් ඉතිරිකිරීමේ සංගම් පාලන කමිටුවේ ලොකු පුටුවලට පළමු වරට කාන්තා නියෝජනයක්

    පොලිස් ඉතිරිකිරීමේ සංගම් පාලන කමිටුවේ ලොකු පුටුවලට පළමු වරට කාන්තා නියෝජනයක්

    ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ ප්‍රථම වරට පාලන කමිටු සභාපතිත්වය කාන්තා නියෝජනයක් ලෙස නියෝජ්‍ය පොලිස්පති පද්මිණි වීරසූරිය මහත්මිය අද දින පත්ව තිබේ.

    එසේම මෙම සංගමයේ කමිටු ලේකම් ලෙස අද දින කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත් විය.

    මෙම සංගමයේ 95 වන මහ සභා රැස්වීම අද(25) දින උදෑසන කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවණාගාරයේ දී පොලිස්පති සී.ඩි වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නන්දන මුණසිංහ මහතා සහ උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    මෙම සංගමයේ ආරම්භ කල දා සිට පාලන කමිටු සභාපති තනතුරට පත්ව තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ය.

    මෙම සංගමය 1924 වර්ෂයේ ආඥා පනතකින් ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමය නමින් ආරම්භ කර ඇති අතර මේ වන විට මෙහි පොලිස්පති තනතුරේ සිට පොලිස් කොස්තාපල් තනතුර දක්වා පොලිස් නිලධාරීන් 77000 කට ආසන්න ප්‍රමාණයක් සාමාජිකයන් වී සිටී.

    දැනට මෙම සංගමයේ පාලන ලේකම් ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඒ.එන් ප්‍රියදර්ශන මහතා ද මෙම සංගමයේ පාලන ලේකම් තනතුරට පත්වූ පලමු පොලිස් නිලධාරියා ද වේ.

    මෙම සංගමය ආරම්භ කිරීමේ මුඛ්‍ය පරමාර්ථය පොලිස් නිලධාරීන් විශ්‍රාම ගිය පසු සුව දිවියක් ගතකිරීම සදහා මුදල් ඉතිරි කිරීම හා සකසුරුවම් ලෙස පරිහරණය කිරීමට හුරුකිරීමයි. මෙම සංගමය මගින් දැනට පොලිස් නිලධාරීන් විසින් ඉතුරු කරන ලද මුදලින් මුදලක් ණයක් ලෙස එක් දිනකදී අඩු පොලී ප්‍රතිශතයක් යටතේ ලබාදීමට කටයුතු කරන අතර, විශේෂ ණය

    යටතේ නිලධාරියෙකුට ලක්ෂ 10 කට අධික මුදලක් ලබා ගත හැක. එසේම ලක්ෂ 15 ක පමණ දේපල ණයක් ද අඩු පොලියක් යටතේ ලබා ගැත හැකියාව පවතී. මෙහි සාමාජිකත්වය ලබන නිලධාරීන්ගේ ගිණුම් වසර 15 ක් සම්පූර්ණ වූ පසු එම මුදල් වලට වැල් පොලියක් එකතු කරනු ලැබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.