තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආන්දෝලනයට තුඩුදුන් කඳුකර කොටියාගේ මරණයේ හේතුව එළියට

    ආන්දෝලනයට තුඩුදුන් කඳුකර කොටියාගේ මරණයේ හේතුව එළියට

    මද්දකට හසුවී ගසක එල්ලෙමින් සිටියදී කොටියා බේරා ගැනීමට වනජීවි නිලධාරීන් ගස කැපීමෙන් පසු මරණයට හේතුව ඒ සම්බන්ධයෙන් විමර්ශණ පැවැත්වීමට පත් කළ කමිටුව විසින් සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

    කඳුකර දිවියාගේ මරණය කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා වී ඇති බව එම කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

    එම සතා ගසට යටවී නොමැති බව ද එම විමර්ශන වාර්තවෙන් පෙන්වා දී ඇත.

    ආන්දෝලනයට තුඩු දුන් මෙම කොටියාගේ මරණය සිදුවන්නේ අගෝස්තු 07 වෙනිදාය.

    ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත්කරනු ලැබීය.

    එම අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට
    අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් අද භාරදුන්නාය. එම අවස්ථාවට එම කමිටුවේ සාමාජිකයන් වනඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. ඩී. රත්නායක, තාරක ප්‍රසාද් (අධ්‍යක්ෂ සෞඛ්‍ය කළමනාකරණ), එච්.ඒ අනෝමා ප්‍රියදර්ශනී (අධ්‍යක්ෂ මෙහෙයුම් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව) මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img