Home උණුසුම් පුවත් රාජ්‍ය නිලධාරීන් රැකියාවට විදෙස්ගත වීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරීන් රැකියාවට විදෙස්ගත වීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරීන් රැකියාවට විදෙස්ගත වීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය වේ.

එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය කෙරේ.

අදාළ සේවකයා තාවකාලිකව සේවයෙන් ඉවත් වීමේදී එම තනතුරේ වැඩ ආවරණය හෝ වැඩ බැලීම සඳහා අභ්‍යන්තරික පදනම මත සේවකයෙකු යෙදවීමේ ක්‍රමවේදයක් ඇත්නම් පමණක් අදාළ නිවාඩු ලබා දීම සලකා බැලෙනු ඇත.

ඒ සඳහා නව බඳවා ගැනීමක් සිදු නොවේ.

සෙසු කොන්දේසි ද ඇතුළත් සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here