fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය SereneAir හි “C” පරීක්ෂාව සාර්ථකව අවසන් කරයි

    ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය SereneAir හි “C” පරීක්ෂාව සාර්ථකව අවසන් කරයි

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සියේ (EASA) අනුමත පකිස්තාන ගුවන් සේවයට අයත් SereneAir පුළුල් බඳ සහිත Airbus A330-202 ගුවන් යානයක C-Check පරීක්ෂාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී.

    ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් මේ වසරේ දී පාරිභෝගික ගුවන් සේවා කිහිපයක් සඳහා නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා සිදුකර ඇති අතර එමගින් සැලකිය යුතු විදේශ ආයෝජනයක් උපයා දී තිබේ.

    SereneAir සඳහා සිදු කරන ලද C-Check පරීක්ෂාව ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට දෙයාකාරයකින් වැදගත් වේ.

    ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් තමන්ගේම ශ්‍රීලංකන් ගුවන්සේවයේ ගුවන් යානා-එන්ජින් සංයෝජනවලට වඩා වෙනස් වූ ගුවන් යානා-එන්ජින් සංයෝජනයක් මත නඩත්තු කටයුතු සිදු කළ අතර එවැනි පරීක්ෂාවක් කළ පළමු අවස්ථාව මෙයයි.

    දෙවනුව මෙම කොන්ත්‍රාත්තුව මගින් වසර තුනක කාලයක් සඳහා SereneAir ගුවන් යානා ඇණියේ දැනට සැලසුම් කර ඇති Airbus A320 සහ A330 ගුවන් යානා සඳහා සියලුම මූලික නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට පමණක් අනුමැතිය ලබා දී තිබේ.

    ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය කොළඹ කේන්ද්‍ර කර ගනිමින් දකුණු ආසියාව සහ ඉන් ඔබ්බටත් ඉතා විශ්වාසදායක ගුවන් යානා නඩත්තු සේවා පහසුකම් ලබාදෙන අංශයක් ලෙස කීර්තියක් ලබා තිබේ.

    ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය නියමිත වේලාවට අනුව කාර්ය සාධනය පවත්වාගෙන යාම, හැරවුම් කාලය (TAT); සහ කර්මාන්තය තුළ වැඩ කටයුතු නිසි ලෙස සිදු කිරීම යනාදිය සඳහා විශේෂයෙන් පිළිගත් ආයතනයකි.

    නව පාරිභෝගික ගුවන් සේවා වැඩි සංඛ්‍යාවක් විසින් මූලික නඩත්තුව ඇතුළු අනෙකුත් ගුවන් යානා නඩත්තු සේවා සඳහා ශ්‍රීලංකන් තෝරාගැනීම තුළින් එය තවදුරටත් පැහැදිලි වනු ඇත.

    මෙම වසරේ පමණක් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් ඉහළ වටිනාකමකින් යුත් නඩත්තු ව්‍යාපෘති කිහිපයක් නිම කර ඇත. එයට Nepal Airlines, Air Seychelles සහ SalamAir අයත් වේ.

    මීට අමතරව, ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් තුර්කි ගුවන් සේවයට සහ FitsAir වෙත ගුවන් යානා ඔන් ග්‍රවුන්ඩ් (AOG) මූලික නඩත්තු සේවා සපයා ඇත. තවද නේපාල ගුවන් සේවය, Flyme (Villa Air) සහ මාලදිවයින් සඳහා විදේශ ගුවන් තොටුපළවල ප්‍රධාන නඩත්තු සේවා සපයන ලදී.

    ශ්‍රීලංකන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැඩිදුර තොරතුරු සහ විමසීම් සඳහා http://www.srilankan.com/mro
    වෙත පිවිසෙන්න.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.