Home උණුසුම් පුවත් ජපානය අදටත් සමරන ජේ.ආර්.‌‌‌ගේ ඓතිහාසික කතාවට 70 වසක් සපිරෙන්න ළඟයි

ජපානය අදටත් සමරන ජේ.ආර්.‌‌‌ගේ ඓතිහාසික කතාවට 70 වසක් සපිරෙන්න ළඟයි

ජපානය අදටත් සමරන ජේ.ආර්.‌‌‌ගේ ඓතිහාසික කතාවට 70 වසක් සපිරෙන්න ළඟයි

ලෝක ඉතිහාසයට එක්වූ සිදුවීමක් වන, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා “සැන්ප්‍රැන්සිස්කෝ සාම සමුළුව” අමතා කළ කතාවට, වසර 70ක් සපිරීම නිමිත්තෙන් ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කරන විශේෂ සැමරුම් වැඩසටහනක් එළැඹෙන සැප්තැම්බර් 06 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

එම කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.

ජපාන අධිරාජයා වන හිරොනොමියා නරහිතෝ මහතාගේ සුභාශීංසන ද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජපාන තානාපතිවරයා විසින් පිරිනමා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here