තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2023 ට රාජ්‍ය ආදායම වැඩි කරගෙන වියදම් අඩුකරන අයවැයක්

    2023 ට රාජ්‍ය ආදායම වැඩි කරගෙන වියදම් අඩුකරන අයවැයක්

    2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු ශූන්‍ය පාදක අයවැය ක්‍රමවේදය (Zero-Based Budgeting) පදනම් කර ගනිමින් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    සියයට 09ක් වන රාජ්‍ය ආදායම සියයට 11.3ක් දක්වා වැඩිකර ගැනීම, සියයට 18.9ක් වන රාජ්‍ය වියදම සියයට 18.1ක් වශයෙන් අඩුකර ගැනීම ද 2023 අයවැය ඉලක්කයන් බවට පත්ව ඇත.

    අමාත්‍ය මණ්ඩල කර්යාලය විසින් එම කැබිනට් තීරණය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

    දිගු කාලීනව රාජ්‍ය ආදායම අඩුවීමත් රාජ්‍ය වියදම වැඩිවීමත් හේතුවෙන් ඇති වූ රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාව මේ වන විට උග්‍ර ආර්ථික අර්බුදයක් බවට පත් වී ඇත.

    ඒ හා සම්බන්ධ ආර්ථික අභියෝග මධ්‍යයේ 2023-2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ 2023 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම වඩාත් විචක්ෂණශීලීව සහ උපක්‍රමික ප්‍රවේශයක් සහිතව සිදු කළ යුතුව ඇති අතර පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය තවදුරටත් තීව්‍ර වීම වැළැක්වීමත් හා අනාගත තිරසරභාවය සඳහා අඩිතාලම දැමීමත් සිදු කළ යුතුව ඇත.

    ඒ අනුව, 2023-2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් මත පදනම්ව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9%ක් වන රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම, 18.9%ක් වන රාජ්‍ය වියදම 18.1%ක් වශයෙන් අඩු කර ගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ 4% අගයේ සිට ඍණ 1%ක අගයක් දක්වා අඩු කර ගැනීම සහ අයවැය පරතරය ඍණ 9.9% සිට ඍණ 6.8% දක්වා අඩු කර ගැනීම යන ඉලක්කයන් 2023 වර්ෂයේ අයවැය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.

    එසේම, 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු ශූන්‍ය පාදක අයවැය ක්‍රමවේදය (Zero-Based Budgeting) පදනම් කර ගනිමින් සකස් කිරීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව, 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img