Home දේශීය පුවත් උණුසුම් පුවත් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට

0
දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (27) වාර්තා විය. ඒ ආසදිතයින් 997 ක් ලෙසිණි.

මෙයට පෙර මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 976 ලෙසිණි. ඉකුත් පෙබරවාරි 09 වෙනිදා එම ආසාදිතයින් ගණන වාර්තා විය.

මෙරටින් ඊයේ (27) වන විට කොවිඩ් 19 ආසාදිතයින් 102,376 හදුනාගෙන තිබුණි. ඒ අයගෙන් 94,577 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. රෝහල්වල ඊයේ (27) වන විට ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් ගණන 7152 දෙදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here