Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් අදත් පොහොර නැවක් ඇවිත්

ඉන්දියාවෙන් අදත් පොහොර නැවක් ඇවිත්

ඉන්දියාවෙන් අදත් පොහොර නැවක් ඇවිත්

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට ලද දෙවන යුරියා පොහොර තොගය අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාරදී තිබේ.

අද දිනයේ යූරියා මෙට්‍රික් ටොන් 21000ක් මෙලෙස භාරදී ඇත.

අද දිනයේදීම මෙම පොහොර තොග උතුරු හා නැ‍ඟනෙහිර ප්‍ර්‍රදේශවලට බෙදාහරින බව අමාත්‍යවරයා කීය.

යුරියා පොහොරවලට අමතරව මහ කන්නයට බන්ඩි පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මීට පෙර ඉන්දියාව විසින් යූරියා මෙට්‍රික් ටොන් 44000ක් මෙරටට භාරදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here